නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සූරා අල්-කහ්ෆ් ආරම්භයෙන් පාඨ දහයක් කටපාඩම් කළේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය.” තවත් වාර්තාවක: “සූරා අල්-කහ්ෆ් අවසානයෙන්” යැයි සඳහන්ව ඇත.” පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
explain-icon

විවරණය

වාර්ථාවන් දෙක අනුව කවරෙකු සූරා අල් කහ්ෆ් හි ආරම්භයෙන් හෝ එහි අවසානයෙන් හෝ පාඨ දහයක් කට පාඩම් කළේද උත්තරීතර අල්ලාහ් ඔහුව දජ්ජාල්ගේ හානියෙන් හා ඔහුගේ අර්බුධයෙන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ අනුහසින් ඔහු කෙරෙහි ආධිපත්යය නොදරනු ඇති අතර ඔහුට කිසිදු හානියක් ද ඔහු විසින් සිදු නොවනු ඇත.