ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රාත්‍රියකම තම නිදියහනට පැමිණි විට තම දෙඅත් එකතු කර ගනියි. පසුව එහි පිඹ ඒ දෙකෙහි "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්" යන දෑ පාරායනය කරයි. පසුව ඒ දෙකින් තම ශරීරය හැකිතාක් පිරිමදියි. එතුමාණන්ගේ හිස මුහුණ සහ ශරීරයේ ඉදිරි කොටස්වලින් එය ආරම්භ කරයි. එය තුවරක් සිදු කරයි." පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදා ගැනීම සඳහා තම නිදියහනට පැමිණි විට -ප්‍රාර්ථනා කරන්නෙකු ක්‍රියා කරනවාක් මෙන්- තම දෑත් එකතු කොට, ඔසවා ඒ දෙක තුළ තම කටින් සුළුවෙන් කෙළ පිට කර, මෘදු ලෙස පිඹ අල්-කුර්ආන් පරිච්ඡේද තුනක් පාරායනය කිරීම එතුමාණන්ගේ සිරිතක් විය. එනම් "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්"ය. පසුව එතුමා තම ශරීරය හැකි පමණින් ආවරණය වන පරිදි තම අත් දෙකින් තම හිස මුහුණ සහ තම ශරීරයේ ඉදිරි කොටස්වලින් ආරම්භ කර, පිරිමදියි. මෙසේ එතුමාණෝ තුන්වරක් සිදු කළහ.

explain-icon

හදීසයේ හරය

  • නින්දට යාමට පෙර "අල්-ඉක්ලාස්" පරිච්ඡේදය හා "මුඅව්විදතයින්" හෙවත් ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක පාරායනය කිරීම හා ඒවා සමඟම පිඹීම හා තමන්ට හැකි පමණින් තම ශරීරයේ කොටස් පිරිමැදීම සතුටුදායකය.