අබූ අබ්දුර් රහ්මාන් අස්-සුලමා (රහිමහුල්ලාහ්) විසින් වාර්තා කරන ලදී. අප වෙත අල් කුර්ආනය කියවා පෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමියෙක්: "සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්‍රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය ‍නොගත් බවත් අපි දැනුම සහ ක්‍රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය. හසන් ගණයට අයත් හදීසයකි. - අහ්මද් එය වාර්තා කර ඇත.
explain-icon

විවරණය

සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් පාඨ දහයක් ඉගෙන ගත් විට, එම පාඨ දහයේ ඇති දැනුම වටහා ගෙන ඒ අනුව ක්‍රියා කරන තෙක් අනෙක් දහයට යොමු වූයේ නැත. ඔවුහු දැනුම ලබා ගත්තා පමණක් නොව ඒ සමගම එය ක්‍රියාවට නැංවූහ.

explain-icon

හදීසයේ හරය

  • සහාබාවරුන්ගේ මහිමය හා අල් කුර්ආනය හදාරන්නට ඔවුන්ගේ උනන්දුව.
  • අල් කුර්ආනය ඉගෙන ගැනීම යනු එය වටහා ගෙන එහි ඇති දෑ ක්‍රියාවට නැංවීමෙන් සිදුවන්නකි. එය කියවීමෙන් හා කටපාඩම් කිරීමෙන් පමණක් සිදු වන්නේ නැත.
  • යමක් ප්‍රකාශ කිරීමට හෝ යමක් කිරීමට පෙර ඒ් පිළිබඳ දැනුම අනිවාර්යයි.