අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ නොදුටුවෙහිද? එනම් ඔබ නොදන්නෙහිද? එය වාර්තාකරුට පමණක් ඍජුව කතා කරමිනි. නමුත් මෙමගින් අපේක්ෂා කරනු ලබනුයේ පොදුවෙනි.එය විශ්මයාර්ථ පදයකි. එසේ විශ්වමය දන්වන හේතුව වෙත සංකේතවත් කර ඇත්තේ ඒ හා සමාන කිසිවක් දකින්නට නොවීය යන පදයෙනි. එනම් එහි මූලික පදනම ආරක්ෂාව පැතීමය. කිසිවිටෙක යන ප්රකාශය වනාහි එය නොවීය යන්න තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත. එනම් පූර්ණ ලෙසින් මෙම සූරා දෙක නපුරෙන් ආරක්ෂාව පතා සිටින්නාක් වෙනත් වදන් දකින්නට නොවූ බැවිනි. මෙම දෙක තුළින් විශ්වාසයෙන් යුතුව හා සැබෑ ලෙසින් ආරක්ෂාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට ආරක්ෂාව පිරිනමනු ඇත. මෙයින් ලැබෙන පාඩම වනුයේ මෙම සූරාවන් දෙක තුළින් මිනිසා ආරක්ෂා පැතිය යුතු බවය.