මක්කා ජයග්‍රහණය ලැබූ දින නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා පුරසාරම් මෙන්ම මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත; ඉවත් කර ඇත. සැබැවින්ම මිනිසුන් දෙවර්ගයකි: සර්ව බලධාරී අල්ලාහ්ට ගැති, කීකරු, ධර්මිෂ්ඨ මුඃමින්වරයෙකු, ඔහු උසස් පරම්පරාව මිනිසුන් අතර නිලයක් හෝ නොමැති වුවද අල්ලාහ්ට ගෞරවනීය තැනැත්තෙකි. දුෂ්ඨ, අභාග්‍යවන්ත, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්, ඔහු අල්ලාහ් ඉදිරියේ නින්දා සහගත පහත් තැනැත්තෙකි. ඔහු උසස් තරාතිරමක සිටිය ද, කීර්තිය හා අධිකාරිත්වය තිබුණ ද ඒවා කිසිවක් වටින්නේ නැත. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. තම මූලාරම්භය පසින් නිමවූ තැනැත්තා අහංකාරකම් පෑම හෝ තමන් ගැන ඉහවහා යෑම හෝ සුදුසු වන්නේ නැත. සර් වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය එය සහතික කරයි. එනම්: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර් ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)