ආගම් ලත් ජනයා ඔවුන්ගේ පුස්තක තුළින් දැනුම් දෙන දෑ ගැන රැවටීමට ලක් වීමෙන් ප්‍රවේසම් වන මෙන් තම සමූහයාට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ යුදෙව්වන් අබරි බසින් තව්රාතය කියවමින් සිටි අතර -එය යුදෙව්වන්ගේ බස විය- අරාබි බසින් එය විග්‍රහ කරමින් සිටියෝය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු යැයි පැවසූහ. එය එහි සත්‍යභාවය එහි ව්‍යාජ දැයින් හඳුනා ගත නොහැකි කරුණුවලදීය. එය අල් කුර්ආනයෙන් අප වෙත පහළ කරනු ලැබූ දෑ හා දිව්‍ය ග්‍රන්ථ අතරින් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ අප විශ්වාස කිරීමට අපට උත්තරීතර අල්ලාහ් අණ කර ඇති බැවිනි. ඒ හැර එම ග්‍රන්ථ තුළින් ඔවුන් පවසන දෑ නිවැරදි යැයි දැන ගැනීමට වෙනත් මඟක් නැත. අපේ පිළිවෙත තුළ එහි ව්‍යාජත්වයෙන් සත්‍යයතාව පැහැදිළි කරන කරුණක් නොමැති වූ විටෙක, අපි නතර වෙමු. අපි ඔවුන් පවසන දෑ සත්‍ය බව සහතික නොකරමු. ඊට හේතුව ඔවුන් එහි විකෘති කොට පවසන දෑහි අප ද කොටස්කරුවන් නොවනු පිණිසය. එමෙන්ම අපි ඔවුන් පවසන දෑ බොරු යැයි ද නොපවසමු. ඇතැම් විට එය නිවැරදි විය හැක. එහෙයින් කවර කරුණක් අප විශ්වාස කළ යුතු යැයි නියෝග කර ඇත්තේ ද අපි එය හෙළා දකින්නන් වනු ඇත. අප මෙසේ පැවසිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. “අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.' යැයි නුඹලා පවසනු." (අල්-බකරා: 136)