නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය." පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
explain-icon

විවරණය

මුස්ලිම්වරුන් අතර අල්ලාහ් අබියස නිලයෙන් වඩාත් උසස් හා උතුම් අය වනුයේ අල් කුර්ආනය කියවීමෙන්, කටපාඩම් කිරිමෙන්, ඒ ගැන අවබෝධය ලැබීමෙන් හා එහි අර්ථකතනය පරිශීලනය කිරීමෙන් එය හදාරා, ඒ අනුව කටයුතු කරමින් ඔහු සතුව ඇති අල් කුර්ආනීය දැනුම අන් අයට උගන්වන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • අල් කුර්ආනයේ මහිමය විස්තර කිරීම, සැබැවින් එය අල්ලාහ්ගේ ප්‍රකාශය වන බැවින් ප්‍රකාශ අතරින් එය උතුම්ම ප්‍රකාශය වේ.
  • දැනුම හදාරන ශ්‍රේෂ්ඨ අය වනුයේ තමන් තුළ පමණක් එය සීමා නොකර අන් අයට ද එය උගන්වන්නාය.
  • අල් කුර්ආනය ඉගෙන, අන් අයට ඉගැන්වීම යන්නෙහි එය කියවීම, තේරුම් ගැනීම හා නීති හැදෑරීම ඇතුළත් වේ.